Sunday, September 20, 2015

පසුගාමීත්වය

Add caption
වාමාෂිකයැයි කියා ගන්නා බොහෝ දෙනාට අනුව ලංකාවේ ආර්ථිකය පසුගාමීය,සමාජය පසුගාමීය,කලාව පසුගාමීය,දේශපාලනය ,මිනිසුන් පසුගාමීය. සියල්ල පසුගාමීය. ඇතැම් වාමාෂිකයින් මෙයට හේතුව ධනවාදයේ කර්තව්‍යයන් සම්පූර්ණ නොවීම එනම් ලංකාව තුල ධනවාදය උත්තරාරෝපිතවීම නිසා සිදුවූවක් ලෙස සලකයි .

නවසමසමාජය ආදි ඇතැම් වාමාෂිකයින් නිම නොවුනු ධනේශ්වර කර්තව්‍යයන් ඉටු කිරිමට ශක්තිමත් ධනේශ්වරආණ්ඩුවක් ගොඩනැගීම වෙනුවෙන් කැපවේ. ඔවුන් රනිලි විික‍්‍රමසිංහට සහයෝගය දෙන්නේ එම නිසාය. ජවිපෙ වැනි පක්‍ෂයක් මීට සමගාමී චින්තනයක් අනුව කටයුතු කරමින් තමාට වැඩි දේශපාලන වාසියක් එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් තුල ලබා ගතහැකියැයි උපකල්පණය මත කටයුතුකරයි.

ඇතැම් වාමාෂිකයින් ධනවාදයේ නිම නොවුනු කර්තව්‍යයන් මේ මොහොතේ ධනවාදයට ඉටු කල නොහැකි යන අදහසේ පිහිටා සමාජවාදි විප්ලවයක් තුල එම නිමනොවූ ධනේශ්වර කර්තව්‍යයන් ඉටු කල යුතු බව පවසයි.

අපි පසුගාමීත්වය යන්නෙන් අදහස් කරන්නේ කුමක්දැයි විමසා බැලිය යුතුය. ඒ මන්ද යත් පසුගාමීත්වය යන මේ වචනයට මුවා වී දැන් බොහෝ වාමිෂිකයින් තමාගේ ලිබරල් දේශපාලනය හා ලිබරල් ජිවිත සාධාරනීකරණය කිරිමට උත්සාහ ගන්නා බැවිනි.

ඒ සඳහා මාක්ස් ආසියාව එනම් ඉන්දියාව සම්බන්ධයෙන් විශේෂයෙන් දැක්වූ අදහසක් විමසා බලමු. මාක්ස් එක්විටක යටත් විජිතවාදීන් ඉන්දියාව යටත් කරගැනීම අතිශය ප‍්‍රගතිශීලී කටයුත්තක් ලෙස සැලකීය ඔහු පැවසුවේ ඉන්දියාවේ ඇති පසුගාමීත්වය විප්ලවයට බාදා කරන බවත් යටත් විජිතවාදය හරහා ඉන්දියාව තුල සිදුවන ධනේශ්වර ප‍්‍රතිසංස්කරණ තුල ශක්තිමත් කම්කරු පන්තියක් ඇතිවී ඔවුන් විසින් විප්ලවය සම්පූර්ණ කරනු ඇති බවයි. මාක්ස් ඉන්දියාව සම්බන්ධයෙන් දැක්වූ තවත් අදහසක ඉන්දියාව තුල ඇති සාමූහික ජිවන පැවත්මවල් හා සාමූහික ඉඩම් අයිතීන් කොම්යුනිස්ට් සමාජයක පෙරනිමිති ලෙස විග‍්‍රහ කලේය. යටත් විජිතවාදය හරහා මේවා විනාශවි යන බවද දැක්වීය.

මෙහි මුල් දැක්වූ අදහස එනම් ඉන්දියාවේ පසුගාමීත්වය වෙනස් කිරිමට යටත් විජිතවාදය හරහා පැමිනෙන සභ්‍යත්වය ඉවහල් කරගැනීම ට කටයුතු කිරීම මාක්ස්ගේ ලිබරල් දෘෂ්ඨියේ පිලිබිඹුවකි. මේතාක් වාමාෂිකයින් කටයුතු කලේ මෙම ස්ථාවරයේ සිටය. සමාජ විප්ලවය කොටස් දෙකකට බෙදා එකකදී ධනේශ්වර ප‍්‍රථිසංස්කරණ කිරීමටත් අනෙක තුලදී සමාජවාදි ප‍්‍රථිසංස්කරණ කිරීමට කටයුතු කිරිමත් එහි සරල අදහස විය.

බොහෝ වාමාෂික පක්‍ෂ වල ප‍්‍රකාශිත හා අප‍්‍රකාශිත අරමුණ එයයි. අප විමසා බැලිය යුත්තේ ඉන්දියාවේ පසුගාමීත්වය අර්තවත් කිරිමට බටහිර ඉදිරිගාමි සභ්‍යත්වය (ධනවාදය) අවශ්‍ය වන්නේ ඇයිදැයි කියාය. මෙසේ ඉදිරිගාමිත්වයක් සංකල්පගත නොකර පසුගාමීත්වයක් අර්තවත් කල නොහැකි බව ඔබට වැටහිය යුතුය. එම නිසා මෙහි සිදුවන්නේ ලෝකය පසුගාමි ඉදිරිගාමී ලෙස ද්විකරණය කර පැත්තක් උත්කරශනය කිරීමයි.

ලංකාවේ වාමාෂිකයින් මෙම පසුගාමිත්වය ආසියාතික අගතීන් ලෙස සංකල්ප ගත කරමින් ඉදිරිගාමිත්වය උත්කරශයට නගන අතර නලීනියානු ජාතිවාදින් ඉදිරිගාමීත්වය ග‍්‍රීක යුදෙව් කි‍්‍රස්තියානි/බටහිර චින්තනය ලෙස සලකමින් පසුගාමිත්වය උත්කර්ශනයට නගමින් සිටී. අපට අනුව කිසිවෙකු මෙම ද්විකරණය තුල පැත්තක් ගනීද අපට හමුවන්නේ සංකල්පීය ක්‍ෂිතිජයක් පමනි.

වාමාෂිකයින් පසුගාමීත්වයට එරෙහිව ඉදිරිගාමීත්වය වෙනුවෙන් කරන අරගලය එනම් පසුගාමි මිථ්‍යා විශ්වාස වෙනුවට ඉදිරිගාමී විද්‍යාත්මක චින්තනය ගොඩනැගීම ,පසුගාමී අතීතකාමය වෙනුවට ඉදිරිගාමී අනාගතවාදයක් ගොඩ නැගීම, පසුගාමී කලාත්මක/ සංස්කෘතික ක්‍ෂත‍්‍රයන් තුල ඉදිරිගාමී ප‍්‍රථිසංස්කරණයන් කිරීම මේ සියල්ල අපට හැදින්විය. හැක්කේ සංඥා ලෝකයේ දේශපාලනයක් ලෙසය. නැති නම් පාරභෞතිකයන් ලෙසය.

වාමාෂිකයින් හා ලිබරල්වාදීන් ඉදිරිගාමීත්වය වෙනුවෙන් අනාගතයට හැරෙන අතර ජාතීවාදීන් පසුගාමීත්වය වෙනුවෙන් අතීිතයට ගමන් කරයි. ලියෝන් ට්‍රොට්ස්කි ඇමරිකාවේ නිව්යෝක් නගරය දැක මහත් ආශ්වාදයට පත්වූ ලෙස හා ඩෙං ෂියා ඕ පින් සිංගප්පූරු ආර්ථිික මොඩලයට ආකර්ශනය වූයේය මේ දෙදෙනාම රුසියානු හා චීන සමාජයන් පසුගාමී යන පදනමේ සිට කි‍්‍රයාකර වාමාෂිකයින් නිසාය. අවසන් අර්තයෙන් මේ දෙදෙනාටම අවශ්‍ය වූයේ රුසියාවේ හා චීනයේ පසුගාමිත්වය ධනවාදයේ ඉදිරිගාමිත්වය තුලින් මකා දැමීමටය. අවසානයේ මොවුන් දෙදෙනාටම හමුවූයේ සමාජවාදය හෝ කොමියුනිස්ට්වාද වෙනුවට ධනවාදයේම ආකෘතියක්ය.

අප මුලින් සටහනක දැක්වූ ලෙස අද ලංකවේ වාමාෂිකයින් යැයි සලකන සියළු දෙනා පෙනී සිටින්නේ සමාජවාදය ලෙස සංකල්පකරණය කරමින් ලිබරල්වාදය වෙනුවෙන්ය. කොමියුනිස්ට්වාදය වෙනුවෙන් කෙරෙන අරගලය මොවුන් අනන්තයට කල්දමා ඇත. සමාජය පසුගාමී යැයි මොර දෙමින් ලිබරල් ධනේශවර පරමාදර්ශ තම ජීවන ආදර්ශ කරගෙන ඇත. අපට අනුව කිසිවෙකු ඉදිරිගාමීත්වය වෙනුවෙන් අරගල කරයිද ඔහු අරගල කරන්නේ ධනවාදය ප‍්‍රවර්ධනය වෙනුවෙන්ය.

මේ මොහොතේ ධනවාදයට එරෙහිව(ආධිපත්‍යක් සහිත ඕනෑම සමාජයකට)එරෙහි අරගලය තුල දයලෙක්තිකව කල යුතු සැබෑ දේශපාලන අරගලය පුර්වයෙන් උපකල්පණය කරගන්නා සංකල්පකරණයකට යට කොට කටුයතු කිරීම බොහෝ වාමාෂිකයින්ට සහනයක් වි ඇති බව පැහැදිලිය. ඒ ඇයි ද යන්න ධනවාදයට එරෙහි වීම නැමති සැබෑව මගහැර යාමට හා ධනවාදය තුලම මිඩංගුවීමට සමාජය පසුගාමී හා සමාජයට ඉදිරිගාමීත්වයක් අවශ්‍ය යන ප‍්‍රවාදය ඔවුන්ට අවශ්‍යවන බැවිනි.

මාක්ස්ගේ සාහිත්‍ය තුල මේ සම්භන්දයෙන් ඇති විරුද්ධාභාශය යටත්විජිතවාදය සම්භන්දයෙන් අදහස් වල අප දැක්වූ අතර ධනවාදයට ප‍්‍රගතිශීලි කර්තව්‍යයන් ඉටු කල හැකිය යන ප‍්‍රවාදය ලිබරල් මානවවාදී මාක්ස් තුල ඇති අදහසකි. බොහෝ වාමාෂිකයින්ට මෙය උපයෝගී කර ගෙන මාක්ස් යනු මනුෂ්‍යත්වය ඉක්මවා ගිය පාරභෙෘතිකයක් ලෙස සලකා කටයුතු කල හැකි වූවද ව්‍යවහාරික අත්දැකීම් තුල අපට තේරුම් යන්නේ මෙම අදහස් සංකල්ප කරණයක් පමනක් හා දයලෙක්තික විරෝධී අදහසක් බවය.

මේ මොහොතේ කොමියුනිස්ට්වාදය වෙනුවෙන් වූ අරගලයට ඇති ගැටළු අපෙන් පරිබාහිරව ඇති පසුගාමිත්වය නොව එසේ පසුගාමී සමාජයක් ඇතැයි ප‍්‍රක්ෂේපණය කරන අපේ අභ්‍යන්තරික ගැටලූවක් බව බටහා ගැනිම විප්ලවවාදී වනු ඇත.

Saturday, August 8, 2015

සංඥා ලෝකයේ දේශපාලනය ගැන තවදුරටත්

සංඥා ලෝකයේ /භාෂා ලෝකයේ දේශපාලනය වෙනුවට ලිපියේ සාකච්ඡා කල කාරණයට අනුව දැන් ඔබට ඇති වන ගැටළුවක් වන්නේ භාෂා ලෝකයේ සඳහන් ද්විකරණය කර පැත්තක් උත්කරශනය කරන දේශපාලනය හැර වෙනත් දේශපාලනයක් ලෝකයේ නැති බවය. ඔබ නිවැරදිය. අපට අනුවත් ලෝකයේ ඇත්තේ ලිබරල් ධනවාදය එනම් ආධිපත්‍යක් සහිත සමාජයක් නඩත්තු කිරිමට අදාල දේශපාලනය පමනි. ධනවාදයට එරෙහි වනවා යැයි කියන බොහෝ අයද කරමින් සිටින්නේ එම දේශපාලනය හා ධනවාදය ශක්තිමත් කිරිම බව ඒ අනුව ඔබට වැටහිය යුතුය.

අප ධනවාදයට හා ඕනෑම ආධිපත්‍යක් සහිත සමාජයට එරෙහිව අප යෝජනා කරන්නේ කුමක්ද? ධනවාදය වෙනස් කරන දේශපාලනය ලෙස බොහෝ දෙනා පිලිගන්නේ මෙම ධනවාදී ආධිපත්‍යක් සහිත සමාජය අර්තවත් කල හා යෝජනා කල දේශපාලනයමය. සැබවින්ම වාමාෂිකයින් උත්සාහ කරන්නේ වාමාෂික ලෙස මැතිවරණ කිරිමටය.,වාමාෂික ලෙස මානව හිමිකම් දිනාගැනිමටය., වාමාෂික ලෙස ජාතිවාදය පැරදවිමටය. ,වාමාෂික ලෙස පරිසරය ආරක්‍ෂා කර ගැනිමටය. ඔවුන් නොදකින කාරනය වන්නේ මෙම සෑම දේශපාලන ආකෘතියකටම වාමාෂික අයිසින් තැවරුවාට ඒවා දියවී යාමට නියමිත බවයි. ලිබරල් ධනවාදී අදහස් තුලද මානව හිමිකම්, ජාතිවාදයට විරුද්ධවීම,සාධාරන මැතිවරණ,පරිසරවාදය යනාදී සටන් පාඨ ඇති බව සැලකූවිට දැන් වාමාෂිකයින් කරන්නේ ඒ අර්තයෙන් අනුන්ගේ කඬේක බඩු කිරිමකි. මේ මැතිවරණ කාලය නිසා වාමාෂික ලෙස මැතිවරණ කරන්නේ කෙසේද මෙකල ප‍්‍රමුඛ මාතෘකාවකි. උදාහරනයක් ලෙස කිව හොත් අඩු පහසුකම් සහිත පාසලක දරුවෙකු ධාවන තරඟයකට සුගතදාස කී‍්‍රඩාංගනයේ ධාවන පථයට පැමිනියා යැයි සිතන්න ඔහු කිසිදා ධාවන පථයක දිව ගොස් නැත ,ධාවන සපත්තු පැලඳ ද නැත.,ශක්ති වර්ධක /පෝෂණ ආහාර ලබා ගෙනද නැත. ඔහුට තරඟ කරන්නට සිිදුවන්නේ මෙම සියළු දේ සැපිරූ දරුවන් සමගය. ඔහුට සිදුවන්නේ පරාජය වන්නටය. වාමාෂික පක්‍ෂ මැතිවරණ කරන්නේද එසේය. ධාවන තරඟය ජයගන්නට නම් ඉහත කි පිටිසර දරුවා ඉහත පහසුකම් සම්පූර්න කර ගත යුතුය. වාමාෂික පක්‍ෂ මැතිවරණයේ දී වෙනත් ධනේශවර පක්‍ෂ මැතිවරණ කරන ආකෘතිය පිළිගන්නේ නම් එය එය වාමාෂික පක්‍ෂයකට එහා ගිය කි‍්‍රයාකාරීත්වයකට යායුතුය. ඒ සඳහා හොඳම නිදසුන ජනතා විමුක්ති පෙරමුණය.

සෑම දේශපාලන අරගලයක්ම මේ පරිදිය. එම නිසා ධනවාදය විසින් නිර්මාණය කල අරගල තුල කි‍්‍රයාත්මක වූ වාමාෂික දේශපාලන පක්‍ෂ,ඒවායේ නායකයින් හා සාමාජිකයින් හිතවතුන් සියල්ලට සිදු වි ඇතිදේ ලංකාවේ ජිවමානව දක්නට ලැබෙන්නකි. ධනේශවර දේශපාලකයින් හිටපු වාමාෂිිකයින්ය, ලංකාවේ ධනවත්ම ව්‍යාපාරිකයින් හිටපු වාමාෂිිකයින්ය,ලංකාවේ හොඳම නීතිඥයින් හිටපු වාමාෂිකයින්ය,ලංකාවේ ඉහල කලාකරුවන් හිටපු වාමාෂිිකයින්ය,ලංකාවේ වෙළඳ ප‍්‍රචාරක ආයතන හිමියන් හිටපු වාමාෂිිකයින්ය, ලංකාවේ මාධ්‍ය ක්‍ෂේත‍්‍රයේ ඉහලින් වැජඹෙන්නන් හිටපු වාමාෂිකයින්ය. මේ ලයිස්තුව ඕනෑතරම් දිගු කල හැක.

බොහේ වාමාෂික දේශපාලන පක්‍ෂ තම දේශපාලන කි‍්‍රයාමාර්ග නිර්මාණය කිරීමේ දී විවිධ සමපේ‍්‍රක්‍ෂණාත්මක විශ්වාසයන්ට ඇතුළුවේ. ඒ වා හැම විටම අනාගතයේ සිදුවීමට නියමිත දේය. මැතිවරණය හරහා එය වේදිකාවක් කර ගෙන වාමාෂිික අදහස් සහිත මිනිසුන් බිහිවේවි. ප‍්‍රජාතාන්ති‍්‍රක ප‍්‍රතිශංස්කරණ දිනාගැනීම හරහා අපට වාමාෂිික දේශපාලනය කිරීමට ඉඩ කඩ ලබා ගත හැකිවේවි.,රැුකියා විරහිත අරගලයට,ශිෂ්‍ය අරගලයට,කාන්තා අරගලයන්ට සහය දීම හරහා ධනවාදයට එරෙහිව ඔවුන් සංවිධානය කල හැකිවේවි. ආදී ලෙසය. මේ වා පාරභෞතික විශ්්වාසයන්ය. මෙම විශ්වාසයන්ට ඇතුළු විම හරහා ධනවාදය පෙරලා දැමීමට මෙම මොහොතේ දයලෙක්තිකව කලයුතු කාර්්‍යය හැම විටම අනන්තයට කල්දමා ඇත. සැබෑ ජිවිතය හා මෙම රූපික එනම් භාෂාව විසින් ගොඩනගන ජීවිතය අතර ඇති පරතරය පියවිය නොහැක්කක් බව කි‍්‍රයාකාරීත්වය තුල ඔවුන් අමතක කරයි.

පවතින සමාජයේ දේශපාලනය ලෙස සංකල්ප ගත කර ඇති හා කි‍්‍රයාත්මක වන භෞතිකයට එපිටින් දේශපාලනය යන්න ස්ථාපිත විය යුතුය. එය අපට කොමියුනිස්ට්වාදි දේශපාලනය ලෙස හැදින්විය හැක. වාමාෂික හා සමාජවාදි යැයි කියා ගන්නා අය න්‍යායික තලයේදි සමාජවාදය හරහා කොමියුනිස්ට්වාදයට ආදි ලෙස අදහස් දැක්වුවද ව්‍යවහාරිකව එවුන් නියෝජනය කරන්නේ ලිබරල් දේශපාලනමය. ලිබරල් දේශපාලනයේ ගැටළුව වන්නේ හැම විටම සංකල්පකරනය කල රූපිත ලෝකයකට සැබැ ජිවිතය තුල්‍ය කිරිමට අත්සාහකිරීමයි. නමුත් රූපික ලෝකය හා සැබෑ ලෝකය අතර අපට හැම විටම පරතරයක් හමුවන අතර ලිබරල් දේශපාලනය තුල මෙම පරතරය අනවතර ලෙස පියවිමට නව සංකල්ප නිපදවනු ලබයි. ලිබරල්වාදීන් හැම විටම තමාගේ අරමුණ ඉටු නොවන බව නොදකියි.

අවසාන වශයෙන් කිව හැක්කේ මේ මොහොතේ කොමියුනිස්ට්වාදි දේශපාලනය යනු දේශපාලනය යනුවෙන් සංකල්ප ගත කර ඇති පද්ධතිය අත්හැර දැමීම බවයි. ඒ අනුව දේශපාලනය පවතින්නේ අදේශපාලනය තුලය. බොහෝ දෙනා අදේශපාලනික යැයි අතහැර දමන ක්‍ෂේත‍්‍රය දේශපාලන වීම බොහෝ දෙනෙකුට දරාගත නොහැකි වනු ඇත. සංඥා ලෝකයෙන් එපිට සැබෑ ලෝකයයේ දේශපාලනය ලෙස අප සලකන්නේ ඒ අත්දැකීමටය.

Tuesday, August 4, 2015

සංඥා ලෝකයේ /භාෂා ලෝකයේ දේශපාලනය වෙනුවට යෝජනා කලයුත්කේ කුමක්ද?

අප මුලින්ම පැහැදිලි කල යුත්තේ සංඥා ලෝකයේ දේශපාලනය යනු කුමක්ද? යන්නය. අප කලින් සාකච්ඡා කල ආකාරයට අප කරා ලෝකය පැමිනෙන්නේ සංඥා තුලින්ය. භාෂාවක් යනු සංඥා පද්ධතියක් බැවින් අපට මේ සඳහා භාෂා ලෝකයේ දේශපාලනය ලෙසද භාවිතා කල හැක. භාෂාව ගොඩ නැගී ඇති ආකාරය අපි දැනටත් දන්නා පරිදි වෙනස්කම් හා ප‍්‍රථිපක්‍ෂයන් තුලින්ය. ඒය ලෝකය ද්විකරණය කර නැතිනම් ප‍්‍රථිපක්‍ෂ වලට බෙදා පැත්තක් උත්කර්ශයට නැගීම මෙහි තුල භාවිතාවේ. එම නිසා අප ලෝකය සංකල්ප ගත කර ඇත්තේද මෙම ව්‍යුහ‍ය තුලය. ධනවාදී මෙන්ම වාමාශික දේශපාලනයද අපට අනුව  ව්‍යුහගත වී ඇත්තේ මෙම ආකෘතිය තුලය.

දේශපාලන නිදහස,මානව හිමිකම් ,ලිංගික අයිතිවාසිකම් ,පාරිභෝගික අයිතීන් ,ශිෂ්යය අයිතීන් ,ජන වර්ග වල නිදහස හා අයිතීන් ....................... යනාදී හැම අරගලයක්ම පවතින සමාජය තුල සංකල්ප ගත වී ඇත්තේ ඉහත අප කී ද්විකරනයේ ආකෘතිය තුලය. එම නිසා මේවායේ අරමුණ එනම් දේශපාලන නිදහස ,මානව හිමිකම්,පාරිභෝගික අයිතීන් යනාදීය කවරදාකවත් පරිසමාප්තියකට එනම් අවසානයකට පත්නොවේ. මේ සම්භන්දයෙන් ඇති සංකල්පකරණයන් හා සැබෑ ජීවිතයේ අත්දැකීම් සමපාත නොවේ. වාමාෂික මෙන්ම ලිබරල් දේශපාලන ආකෘතීන්ද මෙම ආකාරයට සංවිධානය වී ඇති නිසා අප පෙර සිටම වර්තමාන වාමාෂිකයින්ද ලිබරල්වාදීන් ලෙස හැදින්වූවෙමු.

තවද දේශපාලන සංකල්පයක් ලෙස නිදහස යන්න ගත් විට හැම විටම එය ගොඩනැගී ඇත්තේ නොනිදහස යන්න තුලින්ය. කිසිවෙකුට නිදහස අර්තවත් කිරීමට අවශ්ය නම් හැම විටම එයට නොනිදහසේ ආකෘතියක් සොයා ගත යුතුය. සාමාන්‍ය උදාහරනයක් පැවසුවහොත් බොහෝ ජාතිවාදින්ට අනුව (ජාතිවාදින් ලෝකය අර්තවත් කරන්නේ ද මෙම ද්විකරණයේ ආකෘතිය තුලය. නලින් ද සිල්වා ද්විකෝටිකය /චතුස්කොටිකය ගැන කුමක් කිව්වත්) සිංහල ජනතාවගේ නිදහසට වැට බඳින්නේ දෙමළ මිනිසාය. එම නිසා ජාතිවාදීන්ගේ දේශපාලන අරගලයේ ආකෘතිය දෙමළ විනාශ කර දැමීම බවට පත් විය. සිංහලයා දෙමළා යන ප‍්‍රථිපක්ෂ දෙක එනම් ද්විකරණය තුල සිංහලයා දෙමලා මකා දැමීම තුල නිදහස අර්තවත් කරන අතර දෙමල මිනිසා සිංහලයා මකා දැමීම තුල නිදහස අර්තවත් කරයි. අප අත්දැක්කේ දෙමලා විනාශ කල පසු සිංහලයා නිදහස ලැබූ බව නොවේ. නිදහස වෙනුවට ඔවුන්ට හමුවූයේ නොනිදහසේ ආකෘතියකි. එම නිසා ඔවුන්ට යලිත් එය සාධාරනීකරණය කර ගැනීමට මූසෙල්මානු මිනිසෙකු අවශ්‍ය විය.

පසු ගිය ජනාධිපතිවරණය තුල සටන් පාඨය වූයේ යහපාලනයයි. එයට ප‍්‍රථිපක්‍ෂ ලෙස මහින්ද රාජපක්‍ෂ පාලනය යහපාලනය නොවන්න ලෙස එනම් යමපාලනය ලෙස අර්තවත් කලේය. මිනිසුන් වාමාෂිකයින්ද ඇතුළුව යමපාලනය මකා දමා යහපාලනය ස්ථාපිත කලේය. යහපාලනය වෙනුවට අපට හමුවූයේ කුමක්ද?

නිදහස ,යහපාලනය නැමති සංකල්පීය පරමාදර්ශයන් වන අතර ඒවා සැබෑවන් නොවේ. ඒවා අපට අවශ්‍ය වී ඇත්තේ හා අප ඒවා නිර්මාණය කර ඇත්තේ මෙම ද්විකරණය කල ලෝකය පවත්වා ගෙන යාමට අපට අවශ්‍ය නිසාය.

ෆොයර්බාක් 4 වන තිසීස තුල සාකච්ඡා වන කාරනය තුලින් අප සාකච්ඡා කල කාරනය පැහැදිලි කිරිමට උත්සාහ කරමු.

ෆොයර්බාක් ආගම ස්වයං පරාරෝපණයක් ලෙස සලකමින් ආරම්භ කරන්නේ එය සැබෑ ලෝකය හා සංකල්ප ලෝකය ලෙස නැතිනම් ලෞකික ජිවිතය හා ආගමික ජිවිතය ලෙස ද්විකරණය කරමිනි. ෆොයර්බාක් විවේචනය කරන පැරනි කි‍්‍රස්තියානිය එනම් යුදෙව් බලපෑමට ලක්වූ කි‍්‍රස්තියානිය. ස්වයං පරාරෝපණයක් ලෙස නොව එය දෙවියන්වහන්සේගේ හෝ අපෙන් බාහිර දෙයකට ලඝු කලේය. ධනවාදය හෝ ඕනෑම ආධිපත්‍යක් සහිත සමාජයක ගැටළු වාමාෂිකයින් විසින් සලකන්නේද මෙම ද්විකරනයේ ආකෘතිය තුලින්ය. තවද ෆොයර්බාක්ගේ ස්වයං පරාරෝපණය යන අදහසද බොහෝ වාමාෂිකයින් පිලිගන්නේ නැත. එම නිසා යථාර්තයට තමාගේ ඇති සම්බන්දය හැම විටම මකා දමයි.

ෆොයර්බාක් තමන්ගේ කාර්යය ලෙස දුටුවේ. මෙම ද්විකරණය තුල එක පැත්තක් දියකර හැරීම තුල කි‍්‍රස්තියානියේ අරමුණ ඉටු වන බවය. එනම් ලෞකික ජීවිතය ආගමික ජිවිතය බවට පත් කිරීමයි. එනම් වර්තමාන වාමාෂිකයින්ද ඒ අනුව මෙම ද්විකරණය කල ලෝකයේ පැත්තක් දිය කර හැරීම තුල තම අරමුණ සම්පූර්ණ වන බව විශ්වාස කරයි. ලෝකය ධනවාදී හා සමාජවාදී ලෙස ද්විකරණය කර ධනවාදය මකා දැමීම හරහා විමුක්තිය ලබා ගැනිම එපරිද්දෙන් අපට සාකච්ඡා කල හැක.

ෆොර්බාක්ට මේ කාරණයෙන් පසුව නොදකින්නේ ආගමේ කාර්යය ඉටු වී නොමැති බවයි. එනම් ලෞකික ජීවිතය හා ආගමික ජිවිතය තුල්‍ය වීම සිදු වී නැති බවයි. එපරිද්දෙන්ම රුසියාව තුල ධනවාදය පැරදවීමේන් පසුවද වාමාෂිකයින් තමාගේ කාර්යය ඉටු නොවුනු බව නොදුටුවේය. ඔවුන් සාර් වෙනුවට පක්‍ෂයේ නිලධාරී තන්ත‍්‍රය ආදේශ කලේය. ඒ නිසා දශක අටකට පසුවත් අනූව දශකයේ සෝවියටි දේශය බිඳ වැටෙන තුරු සෝවියට් දේශයේ කල යුත්ත(සමාජවාදය) ඉටු වී තිබුනේ නැත.

ඉහත අදහස වෙනත් ආකාරයකට පැහැදිලි කරන්නේ නම් කි‍්‍රස්තියානියේ සඳහන් වන ශුද්ධ වූ පවුල හා සැබෑ පවුල කිසි විටක සමපාත නොවේ. ශුද්ධ වූ පවුල යනු භාෂාමය එනම් සංකල්පීය ගොඩනැංවීමක් වන අතර එහිදි කන්‍යා මරිය තුමියට ලිංගික සම්බන්දයකින් තොරව කන්‍යාවක ලෙස දරුවෙකු පිළිසිඳ ගත හැකි වුවද සැබෑ පවුල තුල එය එසේ නොවේ. එම නිසා සැබෑ එනම් ලෞකික පවුලේ ඇති ගැටළු සාධාරනීකරණය කර ගැනිමට පරමාදර්ශි ලෙස සලකන ශුද්ධ වූ පවුලක් අවශ්‍යය. කි‍්‍රස්තියානිය තුල මෙම අර්තයෙන් යෝජනා කරන්නේ භාෂා ලෝකයේ විමුක්තියකි. ඒ අනුව වාමාෂිකයින් ද යෝජනා කරන්නේද එවන් අරගලයක් බව ඔබට දැන් පැහැදිලි විය යුතුය.

මේ මොහොතේ අප යෝජනා කරන්නේ මෙම ද්විකරණය කල ආකෘතිය තුල සංවිධානය වන අරගල ධනවාදය ශක්තිමත් කරනවා මිස ධනවාදය පරාජය නොකරන බවය.

Saturday, July 25, 2015

ෆොයර්බාක් තිසීස කොමියුනිස්ට්වාදී දේශපාලනයට කවුළුවක් ලෙස 03

ෆොයර්බාක් තුන්වන තිසීස මෙසේය.

එම භෞතිකවාදී දැක්මට අනුව මිනිසුන් වනාහි තත්වයන්ගේ (ස්භාවයන්ගේ) හා ශික්ෂණයේ නිෂ්පාදනයන්ය. සහ එම හේතුවෙන් වෙනස් මිනිසුන් යනු වෙනත් තත්වයන්ගේ හා වෙනත් ශිකෂණයේ නිෂ්පානයන්ය. සහ එය අමතක කරන්නේ එම මිනිසුන් ඔවුන් විසින්ම තත්වය වෙනස් කරනවා යන්න සහ එම ශික්ෂකයාම ශික්ෂිත වී තිබිය යුතුමය යන්නයි. එම නිසා මෙම භෞතිකවාදී මතය අනිවාර්ය ලෙස සමාජය කොටස් දෙකක් බවට විභේදනය වීම වෙත පැමිනෙන්නේ මෙම විභින්න කොටස් දෙකින් එකක් සමාජයට වඩා ඉහලින් පිහිටන ලෙසයි.(උදාහරන ලෙස රොබට් ඕවන්) තත්වයන්ගේ වෙනස් වීමේ සහ මිනිස් කි‍්‍රයාකාරීත්වයේ සමපාතය (එකවිට සිදුවීම) සංකල්පගත විය හැකිවන්නේ සහ සබුද්ධිකව අවබෝධ කර ගත හැකි වන්නේ විප්ලවකරණීය ව්‍යවහාරයක් ලෙස පමනි.

තුන් වන ෆොයර්බාක් තිසීසයේ සාකච්ඡා වන කාරණය සරලව නිර්වචනය කරමු.

එම භෞතිකවාදී දැක්මට අනුව මිනිසුන් වනාහි තත්වයන්ගේ (ස්වභාවයන්ගේ) හා ශික්ෂණයේ නිෂ්පාදනයන්ය. සහ එම හේතුවෙන් වෙනස් මිනිසුන් යනු වෙනත් තත්වයන්ගේ හා වෙනත් ශිකෂණයේ නිෂ්පාදනයන්ය. 

මෙහි එම භෞතිකවාදි දැනුම ලෙස සඳහන් වන්නේ ෆොයර්බාක්ගේ අදහසය. ඒ අනුව මිනිසුන් තත්වයන්ගේ හා ශික්ෂණයේ නිෂ්පාදන බවත් මිනිසුනගේ වෙනස් කම් වෙනස් තත්වයන් හා ශික්ෂණයන් නිසා ඇති වන බව කියවේ. ධනවාදය තුල ජීවත් වන මිනිසා ධනවාදයේ ස්වභාවය එනම් සූරා කෑමට ලක් වීම ,අසමානතාවය ,නොනිදහස (පරාරෝපනය) එහි ශික්ෂණය එනම් අධ්‍යාපනය, ආගම, නිති රීති මගින් කෙරෙන ශික්‍ෂණය තුල මිනිසා නිර්මාණය වන බව කියවේ. එනම් ධනවාදය නොවන වෙනත් තත්වයන් තුල හා වෙනස් ශික්‍ෂණයන් තුල වෙනස් මිනිසෙක් නිර්මානය වේ. යන්න මෙහි අදහසයි.

එය අමතක කරන්නේ එම මිනිසුන් ඔවුන් විසින්ම තත්වය වෙනස් කරනවා යන්න සහ එම ශික්ෂකයාම ශික්ෂිත වී තිබිය යුතුමය යන්නයි.  

එම තත්වය තුල ඉහත අදහස් එනම් ෆොයර්බාක්ගේ අදහස් අමතක කරන්නේ මිනිසුන්ගේ මැදිහත් වීම තුල ස්වභාවයන් වෙනස් කරනවා හා ශික්‍ෂකයාම ශික්ෂණය වීම අනිවාර්යය බවයි. තවත් සරල ලෙස කිවහොත් මිනිසා ස්වභාවයන් හා ශික්‍ෂණයන් විසින් නටවන නූල් රූකඩ නොව (මිනිසා අකී‍්‍රය සාධකයක් නොව) මිනිසා ද සකී‍්‍රය සාධකයක් බවයි.

එම නිසා මෙම භෞතිකවාදී මතය අනිවාර්ය ලෙස සමාජය කොටස් දෙකක් බවට විභේදනය වීම වෙත පැමිනෙන්නේ මෙම විභින්න කොටස් දෙකින් එකක් සමාජයට වඩා ඉහලින් පිහිටන ලෙසයි.(උදාහරන ලෙස රොබට් ඕවන්)

එම නිසා ෆොයර්බාක්ගේ භෞතිකවාදි මතය විසින් සමාජය කොටස් දෙකකට වෙන් කරයි. ඉන් එකක් සමාජයට ඉහලින් පවතින ලෙස උත්කරෂණයට නැගේ ඉහත සඳහන් කල ආකාරයට තත්වයන් එනම් ස්වභාවය හා මිනිසා ,ශික්‍ෂකයා හා ශික්ෂණයට ලක් වන්නා ලෙසයි. මෙහිදී තත්වයන් හා ශික්‍ෂකයන් සමාජයේ ඉහලින් පිහිටන ලෙස සලකයි. ධනවාදයද ( ඕනෑම ආධිපත්‍යක් සහිත සමාජයක්)ආකෘති ගත වී ඇත්තේ මෙම ෆොයර්බාකියානු ආකෘතියට අනුවය. ඒ ලෝකය දෙකට බෙදා ඉන් පැත්තක් උත්කරශයට නැගීමයි. ආරම්භ වූයේ රෙනේ ඩෙකාර්ට්ස්ගේ මනස /ශරීරය ලෙස දෙකට කැඞීම තුලින්ය. ආගමික සම්ප‍්‍රදායන් තුල දෙවියන් හා මිනිසුන් ලෙස සම්භාව්‍ය මාක්ස්වාදි සම්ප‍්‍රදාය තුල පීඩකයන් හා පිඩිතයන් ලෙස මෙම ද්විකරණය කි‍්‍රයාත්මක වේ. මෙහිදී පීඩිතයා හා පීඩකයා වෙන් කරන අතර මෙහිදී පිඩිතයා පීඩනයට ලක්වීමට ඇති කැමැත්ත අමතක කරනු ලැබේ. මෙහිදි රොබට් ඕවන් නම් මනෝරාජික සමාජවාදියා තත්වයන් හා මිනිසාගේ ඉරණම සම්භන්දයෙන් ෆොයර්බාක්ගේ අදහසට සමාන ලෙස කි‍්‍රයාකිරීමට උත්සාහ කලේය. මිනිසුන් වෙනස් කරනවා වෙනුවට තත්වයන් වෙනස් කිරිම ඔහුගේ අරමුණ විය. ඔහු එයට විවිධ ආකෘතීන් හදුන්වා දුන්නේය.

තත්වයන්ගේ වෙනස් වීමේ සහ මිනිස් කි‍්‍රයාකාරීත්වයේ සමපාතය (එකවිට සිදුවීම) සංකල්පගත විය හැකිවන්නේ සහ සබුද්ධිකව අවබෝධ කර ගත හැකි වන්නේ විප්ලවකරණීය ව්‍යවහාරයක් ලෙස පමනි. 

තත්වයන් මිනිසුන් වෙනස් කරනවා පමනක් නොව මිනිසුන්ද තත්වයන් වෙනස් කරනවා යන සමපාතය එනම් එකවිට සිදුවීම අවබෝධකරගත හැකි වන්නේ විප්ලවීයකරණිය ව්‍යවහාරයක් ලෙස පමනි. බොහෝවිට වාමාෂික දේශපාලනය තුල මිනිසුන් උත්සාහ කරන්නේ තමා වෙනස් නොවී තත්වයන් වෙනස් කිරිමටය. ඔවුන් තමන් හා තත්වයන් අතර බෙදුමක් නිර්මාණය කරගන්නා අතර ඒ තුලින් දේශපාලනය සංකල්ප ගත කරයි. යම් දේශපාලන මැදිහත්මක් යමෙකුගෙන් ඉල්ලා සිටි විට බොහෝ අය කියන කතාවක් වන්නේ හරි සහෝදරයා තත්වය(සමාජය) වෙනස් වෙද්දී අප සම්බන්දවෙන්නම් කියාය. නමුත් සත්‍ය වන්නේ තත්වය වෙනස් කිරිමට ඇති බාදාව ඔහුගේ කි‍්‍රයාකාරිත්වය බවයි. අධ්‍යාපනය තුල බොහෝ අය සිතන්නේ ගුරුවරයා සියල්ලටම වගකිව යුතුබවයි. (ශික්‍ෂකයා ශික්‍ෂණයට ලක්වන්නා හා ශික්‍ෂකයා උත්කරශයට නැගීම) නමුත් ශිෂ්‍යාගේ කි‍්‍රයාකාරීත්වය ද අධ්‍යාපන කි‍්‍රයාවලියට බලපායි. එම නිසා ශික්‍ෂිතයාද ශික්‍ෂණයට ලක් විය යුතුය.

විප්ලවකරණිය ව්‍යවහාරය ලෙස මාක්ස් ෆොයර්බාක්ට ගෙන එන විවේචනය වන්නේ සමාජය වෙනස් කිරීමට අපගේ මැදිහත්වීම හා තත්වයන් වෙනස් කිරීම එකවිට සිදුවීම එනම් අපද වෙනස් වෙමින් තත්වයන් වෙනස් කිරීම කල යුතු බවයි. වෙනත් ලෙසකින් කියන්නේ නම් ධනවාදය පවතින්නේ අප එය දරා සිටින නිසා බවය. අපගේ ව්‍යවහාරික ජීවිතය හා ධනවාදය වෙන්කල නොහැකිය. එසේ වෙන්කිරීම මාක්ස්ට අනුව පැරනි ෆොයර්බාකියානු භෞතිකවාදයයි එය මාක්සියානු භෞතිකවාදය නොවේ.

Tuesday, June 30, 2015

එකම දේ නැවත ලිවීම හෙවත් ෆොයර්බාක් තිසීස තුල සඳහන් ව්‍යවහාරික ජීවිතය/ලෞකික ජීවිතය/ආත්මීය ජීවිතය/ඉන්ද්‍රීය මූලික ජීවිතය/සැබෑ ජීවිතය යනු කුමක්ද?

මුලින්ම කිව යුත්තේ ව්‍යවහාරික ජීවිතය/ලෞකික ජීවිතය/ආත්මීය ජීවිතය/ඉන්ද්‍රීය මූලික ජීවිතය/සැබෑ ජීවිතය යන මෙම සියල්ලෙන්ම අදහස් වන්නේ එකම අදහසක් යන්නය. වාමාෂික අර්තයෙන් දයලෙක්තික ජීවිතය යන අර්තයද මෙයට සමානය.

අප ජීවිතය පිලිබඳ විවිධ අර්තයන් නිර්මාණය කර ඇත්තේමු. ආගම විසින් අර්ත නිරූපණය කල ජිවිතයක්ද අපට ඇත. ආගමානුකූලව ජීවත් විම යනු එම අර්ත නිරූපනයන්ට සමපාත වන ලෙස ජීවත් විමයි. නමුත් අපගේ එදිනෙදා ජිවිතයේ එනම් (ව්‍යවහාරික ජීවිතය/ලෞකික ජීවිතය/ආත්මීය ජීවිතය/ඉන්ද්‍රීය මූලික ජීවිතය/සැබෑ ජීවිතය) ජීවිතය ආගම මගින් අර්ත නිරූපණය කල ජිවිතයට සමපාත නොවේ. ඒසේ කල ද නොහැක. එම නිසා ආගම් වලට පව් සමාකිරිම් /විනයකර්ම/ආචාර ධර්ම අවශ්‍යය. ආගමික ප‍්‍රථිසංස්කරණයන්ද අවශ්‍ය. එමෙන්ම ආගම හා ජීවිතය අතර පරතරය සාදාරණිකරණය කර ගැනීමට ආගමික පරමාදර්ශයන් (ශුද්ධ වූ පවුලක් /දෙවියන්)හා එම ආගම හා ජීවිතය තුල්‍ය කිරිමට බාදා කරන සාතන් ,දේවදත්තයන් හෝ පව්කාරයන් අවශ්‍යය.

අපට විද්‍යාව විසින් අර්ත නිරූපණය කල ජීවිතයක් ඇති අතර පෙර උදාහරන පරිදිම අපගේ සැබෑ ජීවිතය හා විද්‍යාව සමපාත නොවන අතර හැම විටම පරතරයක් ඇත. මෙම පරතරය නිසා කලින් කල විද්‍යාව තුල නව අර්ථකතනයන් එනම් විද්‍යාත්මක සොයා ගැනීම් සිදුවන අතර නිව්ටෝනියානු සුසමාදර්ශයට එරෙහිව අයින්ස්ටයින්ගේ සාපේක්‍ෂතාවාදයද ඊට එරෙහිව කොන්ටම් භෞතික විද්‍යාවද පැන නගින්නේ එම නිසාය. පෙර පරිදිම පරමාදර්ශි විද්‍යාවක් හා එයට එරෙහිව ආගම් ආදි මිථ්‍යා විශ්වාසයන් විද්‍යාවේ පැවැත්මට අවශ්‍යය.

නීතිය මගින් අර්ත නිරූපණය කල ජීවිතයක් අපට ඇත. ඒ අනුව අප ජීවත් විය යුතුය. නමුත් ජීවන අත්දැකීම් අපට පෙන්වා දෙන්නේ කුමක්ද? නීතිමය අර්ත නිරූපණයන්ට ජීවිතය ආවරණය කර හැකිද? නැත්නම් නීත්‍යානුකූල ජීවිතය හා අපගේ එදිනෙදා ජීවිතය ඒනම් (ව්‍යවහාරික ජීවිතය/ලෞකික ජීවිතය/ආත්මීය ජීවිතය/ඉන්ද්‍රීය මූලික ජීවිතය/සැබෑ ජීවිතය) අතර පියවිය නොහැකි පරතරයක් ඇතිබවය. සෑම මනුෂ්‍යයෙකුටම නීතිමය නොවන අඳුරු පැත්තක් ඇත. නීතියට සමානපාතික ලෙස ජීවත්විමද කල නොහැකි අතර එම නිසා නීතිය හා සැබෑ ජීවිතය අතර ඇති මෙම පරස්පරය විසඳීමට නීතිය,අධිකරණය,පොලිසි හමුදා වැනි ආයතන මෙම ක‍්‍රමයට අවශ්‍යය. නීතිය විවිධ අයුරින් අර්ත නිරූපනය කරමින් හා දඩුවම් කරමින් ඒවා නීතිමය අර්ත නිරූපණයන් ජීව්තයට තුල්‍ය කිරීමට උත්සාහ ගනී. අනෙක් අතට නීතිය හා ජීවිතය අතර ඇති මෙම පරතරය සමහන් කර ගැනිමට සමපේක්‍ෂණාත්මක පරමාදර්ශයන් ද අවශ්‍ය එනම් නීත්‍යානුකූලව ජීවත් වන පුද්ගලයෙකු හෝ ආදර්ශයක් නිර්මාණය කර ගැනීම කල යුතුය. එය සැබෑවක් නොවේ. එමෙන්ම මෙම නීතිය හා සැබෑ ජීවිතය තුල්‍ය කිරීමට බාදාකරන්නෙකුද නිර්මාණය කරගැනීම අවශ්‍යය. ඒවා නිරූපණය වන්නේ අපරාධකරුවන් නීතිය වැරදියට අර්ත නිරුපනය කරන්නන් මගිනි.

සත්‍ය/සැබෑව සංකල්පයකට,න්‍යායකට,අදහසකට තුල්‍ය නොවන නිසා මිනිසාට ආගම, විද්‍යාව,නීතිය ආදී සියළු සංකල්ප ගත කිරීම් පවත්වාගෙන යාමට පරිපූර්ණත්වයක් එනම් පරමාදර්ශයන් අවශ්‍ය වන අතර සැබෑ ජීවිතය තුල මෙම නොපෑහීම් එනම් ආගම ජීවිතයට සමපාත කිරීම , විද්‍යාව ජීවිතයට සමපාත කිරීම,නීතිය ජීවිතය සමපාත කිරිම සැබෑවක් නොවන නිසා එය සාදාරණිකරණය කරගැනීමට බාදාවක් නිර්මාණය කර ගැනිම අවශ්‍යය. ඒම නිසා සැබෑ ජීවිතය යනු අසම්පූර්ණ යථාර්තයකි.

අප නිර්මාණයකර ඇති අනෙකුත් සියළු සංකල්පකරණයන්ටද මෙය අදාල වන අතර පරමාදර්ශී ආදරයක් සඳහා එයට බාදාවක් අවශ්‍ය වන අතර ටයිටනික් ආදරයේ පැවැත්ම වෙනුවෙන් දහස්ගණනක මිනිසුන්ගේ හා දේපල වල විනාශයක් අවශ්‍ය විය. එසේ සිදු නොවුනි. නම් අපට හමුවන්නේ මධ්‍යම පාන්තික රෝස් හා පහල පාන්තික ජැක් නිව්යෝක් නගරයට ගොස් ගැටුම් සහිතව ගත කරන ජීවිතයකි. පරමාදර්ශී ආදරයක් නොවේ.

සැබෑ ජීවිතය (ව්‍යවහාරික ජීවිතය/ලෞකික ජීවිතය/ආත්මීය ජීවිතය/ඉන්ද්‍රීය මූලික ජීවිතය) මෙසේ හැම විටම අප සංකල්පකරණයකරන,අප අර්තකථනයන්ට ,ආකෘතිගතකිරිම් වලට,න්‍යායගත කිරීම් වලට යටත් නොවේ.

අවසාන වශයෙන් කිවයුතුවන්නේ වාමාෂික දේශපාලනයද යථාර්තයේ පරිපූර්ණත්වය වෙනුවෙන් සතුරන් භාහිරින් නිර්මාණය කිරිම නිසා මෙතෙක් සිදුවූ ගැටලූව බවය. පරමාදර්ශී ට්‍රොස්කිවාදය වෙනුවෙන් එයට බාදාකරණ ස්ටාලින්වාදයක් අවශ්‍ය වන අතර ජනතා විමුක්ති පෙරමුණට පරිපූර්ණත්වය උදෙසා වරෙක ප‍්‍රභාකරන් ,ජාත්‍යන්තර සතුරන් , පක්‍ෂ පාවාදෙන්නන් හා එක්සත් ජාතික පක්‍ෂය අවශ්‍ය විය. නලින්ද සිල්වාගේ පරමාදර්ශී දේශපාලනය ආරක්‍ෂාකර ගැනීමට විජාතික කුමන්ත‍්‍රණ හා වාමාෂිකයින් අවශ්‍යය විය.

එම නිසා අප වටහා ගත යුත්තේ සැබෑ ජීවිතය හා පරමාදර්ශි ජීවිතය කිසි විටකත් තුල්‍ය නොවන නිසා අපට එම කාන්සාවෙන් ගැලවීමට අප සතුරන් එනම් බාදාකරන්නන් නිර්මාණය කරගන්නා බවය. පරමාදර්ශය මෙන්ම බාදාවද අපගේ නිර්මානයන් මිස සැබෑව නොවේ. අප කලයුත්තේ දේශපාලනය මෙම විශම චක‍්‍රයෙන් ගලවා ගැනීමයි. වෙනත් ආකාරයකින් පැවසුව හොත් අප සංකල්පකරණය කරන ලෝකය එනම් භාෂා ලෝකයේ ආකෘතිය ද්විකරණයමත පදනම් වි ඇති අතර එම ප‍්‍රථිපක්‍ෂයන්ගෙන් පැත්තක් අධිනිශ්චය කිරිම මත ගොඩනැගෙන දේශපාලනයන්ට අප පෙර සඳහන් කල ආකාරයට ව්‍යාජ සතුරන් නිර්මාණය කිරීමට සිදුවේ.

සංකල්ප ලෝකය හා සැබෑ ලෝකය අතර පියවිය. නොහැකි පරතරය පියවීමට උත්සාහ දැරීම කල නොහැක්කක් බවත් භාහිර සතුරන් යනු අපගේම නිර්මාණයන් බවත් වටහා ගැනිම මේ මොහොතේ විප්ලවීය වනු ඇත.

Monday, June 22, 2015

ෆොයර්බාක් පලමු තිසීස කොමියුනිස්ට්වාදී දේශපාලනයට කවුළුවක් ලෙස( 2 කොටස)

වාස්තවික සත්‍ය මිනිස් චින්තනයෙන් අවබෝධ කර ගත හැකිද යන ප‍්‍රශ්නය න්‍යායික ප‍්‍රශ්නයක් නොවන මුත් එය ව්‍යවහාරික ප‍්‍රශ්නයකි. මිනිසා විසින් සත්‍ය තහවුරු කල යුතුම වන්නේ ඔහුගේ ව්‍යවහාරය තුලය. එනම් යතාර්තය හා බලය වන්නේ ඔහුගේ චින්තනයේ ලෞකිකත්වයයි. චින්තනයේ යථාර්තය හෝ නොයතාර්තය පිළිබඳ විවාදය ව්‍යවහාරයෙන් වෙන් කරන ලද විම හුදෙක් විද්‍යාවන් පිලිබඳ ප‍්‍රශ්නයකි. මාක්ස්ට අනුව වාස්තවික සත්‍ය මිනිස් චින්තනයට අවබෝධකර ගත නොහැකිය. එම නිසා විස්තවික සත්‍ය මිනිස් චින්තනයෙන් අවබෝධ කර ගත හැකිද යන ප‍්‍රශ්නය න්‍යායික ප‍්‍රශ්නයක් නොවේ. එනම් වාස්තවික සත්‍ය දැනුමට, සංකල්පයකට,න්‍යායකට,සූත‍්‍රයකට,රූපකයකට,නියාමයකට ලඝු කල නොහැකිය. එය මිනිස් කි‍්‍රයාකාරීත්වය සම්භන්ද ප‍්‍රශ්නයකි. මිනිස් කි‍්‍රයාකාරීත්වය හැම විටම චින්තනයට,දැනුමට, සංකල්පයකට,න්‍යායකට,සූත‍්‍රයකට,රූපකයකට,නියාමයකට පරස්පරව කි‍්‍රයාත්මක වේ. එනම් මිනිස් කි‍්‍රයාකාරිත්වය හා චින්තනය අතර පරතරයක් ඇත. එම නිසා වාස්තවික සත්‍ය ලෙස මිනිසා සමපේක්‍ෂණය කරන චින්තනය, ඒ හරහා ගොඩනැගෙන සංකල්ප එම සංකල්ප වල ආකෘතියවන භාෂාව තුල නියෝජනය නොවේ. වෙනත් ආකාරයකින් කිව හොත් මිනිසාට සත්‍ය තහවුරු කල හැක්කේ ඔහු කතා කරන භාෂාව,චින්තනය තුල නොව කි‍්‍රයාව තුලයි. කි‍්‍රියාව හැම විටම භාෂාවට චින්තනයට පරස්පරව කි‍්‍රයාත්මකවේ. භාෂාවේ චින්තනයේ ආකෘතියට කි‍්‍රයාත්මක වීමට මිනිසා උත්සාහ දරද්දී භාෂාවේ හා චින්තනයේ ආකෘතිය බිඳ වැටේ. එම නිසා මිනිසාට තව තවත් භාෂාවේ වර්ධනයන් හා චින්තනයේ අකෘතීන් දර්ශනවාදයන් අවශ්‍යය. අනූව දශකයේ දේශපාලන සංවාදයන් තුල විශේෂයෙන් දීප්ති කුමාර ගුණරත්න කල මැදිහත්වීම ඒම ආකාරයෙන් විපුලතරය. බොහෝ සිවිල් බුද්ධිමතුන් හා දේශපාලකයින් කතා කරන භාෂාව පුවත් පත් වලට ලියන ලිපි වලට පරස්පරව කි‍්‍රයත්මක වන ඔවුන්ගේ සැබෑ ජීවිතය ඔවුන් පිළිබඳ සත්‍ය නිරූපනය බව ඔහු විසින් ප‍්‍රකාශ කරන ලදී. ඒ අනුව එනම් සත්‍ය එනම් යතාර්තය හා බලය වන්නේ ඔහුගේ කි‍්‍රයාකාරීත්වයේ චින්තනයයි. එනම් ලෞකිකත්වයයි,ව්‍යවහාරයයි. පුද්ගලයාගේ බලය සමාජ ගත වන්නේ එනම් සමාජයට බලපවත්වන්නේ කි‍්‍රයාව තුලයි. වාමාෂික භාෂාවෙන් කිව හොත් ධනවාදයට අප විරුද්ධ වන්නේ භාෂා ලෝකය තුල ගොඩනගා ගන්නා සංකල්පකරණයන් හරහාය. එය සැබෑ ජීවිතයට පරතරයක් පවතිනා බැවින් හැම විටම අපේ බලය ධනවාදයේ පැවැත්මට සහයෝගීව සම්භන්දවේ. චින්තනය යතාර්තය හා නොයතාර්තය ලෙස විවාද කිරීම එනම් සත්‍ය අසත්‍ය ලෙස ද්විකරනයේ ආකෘතියක් තුල වටහා ගැනීම එමෙන්ම එහි එක පැත්තක් යතාර්තය /සත්‍ය ලෙස උත්කර්ශයට නැගීම වැරදිය. මිනිස් කි‍්‍රයාව යථාර්තය,සත්‍ය වන අතර එය භාෂාවට සංකල්පයට නියාමයකට සූත‍්‍රයකට ලඝු කිරීම විද්‍යාවන් පිලිබඳ ප‍්‍රශ්නයකි. විද්‍යාව යනු ලියෝන් ට්‍රොට්ස්කිට අනුව ලෝකය නියාම පද්ධතියක් ලෙස ඥානනය කිරිමයි. ලෝකය නියාමයන් තුලට ලඝුකිරිමයි. වෙනත් ලෙසකින් කිව හෝත් සූත‍්‍ර ගත කිරීමයි. ඒ අනුව නැවත කියන්නේ නම් වාස්තවික සත්‍ය මිනිස් චින්තනයට අවබෝධකර ගත නොහැකිය. එම නිසා වාස්තවික සත්‍ය යනු චින්තනයට පරිබාහිරව කි‍්‍රයාත්මක වන සැබෑ ජිවිතයයි. ලෞකිකත්වයි. වයවහාරිකත්වයයි. පුනරුච්ඡාරණයන් සම්භන්දව වන පැමිනිලි සම්බන්දව යමක් කිවහොත් විජේවීරයානු අර්තයේ එය ධනාත්මකය. ඒම නිසා අපද පුනරුච්ඡාරනයේ දොසක් නොදකිමු.

Sunday, May 31, 2015

ෆොයර්බාක් පලමු තිසීස කොමියුනිස්ට්වාදී දේශපාලනයට කවුළුවක් ලෙස

පැරනි වාමාෂික සම්ප‍්‍රදාය තුල සකච්ඡුාවට නොගත් හා විවිධාකාරයෙන් අර්ත නිරූපනය කල ෆොයර්බාක් තිසීස කොමියුනිස්ට්වාදි දේශපාලනයට කවුළුවක් විවර කරන්නේ කෙසේද? 


සරලව පලමූ ෆොයර්බාක් තිසීස තුල මාක්ස්ගේ අදහස කුමක්ද යන්න පිලිබඳ විවිධ අර්ත නිරූපන ඇති අතර අපට අනුව සරලව ෆොයර්බාක් තිසීසයේ මූලික හරය බිඳ දැක්වුවහොත් ,


පැරණි භෞතිකවාදයට අනුව දෙය ,යථාර්තය,ඉන්ද්‍රීය ගෝචරත්වය සකල්ප ගත වී ඇත්තේ සහජඥානයේ හා වස්තුවෙහි ආකෘතියක් ලෙස මිස මිනිස් ඉන්ද්‍රීයගෝචර කි‍්‍රයාකාරිත්වය ලෙස ,ව්‍යවහාරික ලෙස හා ආත්මීය ලෙස නොවේ. 


මෙහිදි මාක්ස් සංකල්ප ගත කිරීම යන්න අපට මෙසේ තේරුම් ගත හැක. ඒය සෝෂියර්ගේ සංඥාව ඇසුරේ තේරුම් ගැනීමේදී හැඟවුම්කාරකය ලෙස සඳහන් වන අතර හැඟවුම යනුවෙන් සඳහන් වන්නේ එය සංකල්පය අප ලබා ගන්නා ආකාරයයි. ඒ අනුව සංඥාව යනු අප සංකල්ප ගත කිරීමේ ආකෘතියයි. මෙවැනි සංඥා පද්ධතියක් එක් වී භාෂාවක් ගොඩනැගේ එම භාෂාව මගින් ලෝකය නම් කර ඇත. ඒය සිදුවි ඇත්තේ ප‍්‍රථිපක්‍ෂ හා වෙනස් කම් මතය. එය ද්විකරණය කිරිම නැත්තම් ලෝකය භාෂාව මගින් දෙකඩ කිරිමකි. ඒ හොඳ -නරක ,කැත-ලස්සන,විද්‍යාව-මිත්‍යාව,සත්‍ය -අසත්‍යය,ස්තී‍්‍ර -පුරුෂ.............. ආදී ලෙසය. මෙය ඒ අනුව දෙය,යථාර්තය, ඉන්ද්‍රීය ගෝචරත්වය සකල්ප ගත වී ඇත්තේ සහජඥානයේ හා වස්තුවෙහි ආකෘතියක් ලෙස යන්න මාක්ස් විවේචනය කල පැරණි භෞතිකවාදයේ ආකෘතියයි. එය ලෝකය සහජ ඥානය හා වස්තුව ලෙස ලෝකය බෙදා දැක්වීමයි. වෙනත් ආකාරයකින් කිවහොත් මිනිසා හා භාහිර ලෝකය ලෙස ලෝකය සංකල්පගත කිරීමයි. සැබෑ ජීවිතයේ අපගේ කි‍්‍රයාකාරීත්වය තුල ඉහත භාෂාව මගින් සංකල්ප ගත කල ලෝකයට පටහැනිව කි‍්‍රයාත්මකවේ. පලමු ෆොයර්බාක් තිසීසයේ පලමු දෙපෙළ තුල මාක්ස් කියන්නේ මෙම සංකල්ප ගත කිරීම මිනිස් ඉන්ද්‍රීයගෝචර කි‍්‍රයාකාරිත්වය ලෙස ,ව්‍යවහාරික ලෙස හා ආත්මීය ලෙස වන බවය. 


භෞතිකවාදයට පටහැනිව විඥානවාදය විසින් මෙහි කි‍්‍රයාකාරී පැත්ත එනම් සහජඥානයෙහි පැත්ත වියුක්තව වර්ධනය කෙරිනි. ඒ ඉන්ද්‍රිය ගෝචර කි‍්‍රයාකාරීත්වය හෝ සැබෑව නොදන්නා ලෙසයි. 

මිනිසාගේ පැත්ත සහජඥානය ලෙස ගෙන වස්තුව භාහිර ලෝකය ලෙස ගත් විට (ආත්මය-වස්තුව/විඥානය-ද්‍රව්‍ය ආදී ද්විකරණය තුල) ආත්මයේ පැත්ත එනම් විඥානයේ පැත්ත විඥානවාදය විසින් අධිනිශ්චය කොට සැලකීම හා එහිදී සැබෑව නොදන්නා ලෙස දැක්වීමය. 

ෆොයර්බාක්ට සත්‍ය වශයෙන් සංකල්පිත වස්තූන්ගෙන් වෙනස් වන ඉන්ද්‍රීය ගෝචර වස්තූන් අවශ්‍ය වන මුත් ඔහු තේරුම් නොගන්නා දෙය නම් මිනිස් කි‍්‍රයාකාරීත්වයම යනු වාස්තවික කි‍්‍රයාකාරිත්වය බවයි. 


ෆොයර්බාක්ට අවශ්‍ය වන්නේ මෙම ද්විකරණය තුල විඥානයේ පැත්ත (සංකල්පිත වස්තු)නොව ද්‍රව්‍යයේ පැත්ත ගැනීමටය. (ඉන්්ද්‍රීය ගෝචර වස්තු)මෙය මෙම ලෝකය සංකල්ප හා ඉන්ද්‍රීය ගොචර වස්තු ලෙස ද්විකරණය කර ඉන්ද්‍රීය ගෝචරත්වය පැත්ත උත්කර්ශයට නැගීමය. මේ අනුව ෆොයර්බාක් තේරුම් නොගන්නේ ඉන්ද්‍රීය ගෝචර වස්තු යනු මිනිසාගේ සංකල්පකරණයක් බවය. එනම් ලෝකය පවතින්නේ ද්විකරනය කල ලෝකය තුල නොව සැබෑ මිනිස් කි‍්‍රයාකාරීත්වය තුල යන්නය. 


ඒම නිසා කි‍්‍රස්තියානියේ සාරය තුල න්‍යායික ආකාරය නියම වශයෙන් එකම මිනිස් ආකාරය හැටියට පමනක් සලකන්නේ ව්‍යවහාරය සංකල්ප ගත වී ඇත්තේ සහ ස්ථාපිත වී ඇත්තේ එහි අපිරිසිදු යුදෙව් විද්‍යාමානවීම් තුලය යන්න සලකන අතරතුරය. එම නිසා ඔහු ග‍්‍රහනය කර නොගන්නේ ව්‍යවහාරික විවේචනාත්මක කි‍්‍රයාකාරීත්වයෙහි විප්ලවකාරී අර්තාන්විත භාවයයි.

ෆොර්බාක්ගේ කි‍්‍රස්තියානියේ සාරය කෘතිය තුල න්‍යායික ආකාරය සංකල්පගත කල මිනිස් ආකාරය ව්‍යවහාරය තුල එනම් සැබෑ ජීවිතය තුල උල්ලංඝනය වීම තුල නිරූපණය වන මනුෂ්‍ය ආකාරය අපිරිසුදු යුදෙව් අදහස්ය. යන්න මෙහි සඳහන්ය. තවදුරටත් මෙය පැහැදිලි කල හොත් ආගම විසින් අර්තකථනය කල ලෝකය හා මිනිසා පිලිබඳ අදහස සැබෑ ජීවිතයේ මිනිසුන්ගේ කි‍්‍රයාකාරීත්වය එනම් ව්‍යවහාරය හරහා උල්ලංඝනය වන බවයි. එම නිසා ෆොයර්බාක්ට සැබෑ ලෝකයේ ක‍්‍රියාකාරිත්වය තුල ඇති විප්ලවකාරී අර්තය එම නිසා නොවැටහේ.


අප උත්සාහ කලේ ෆොයර්බාක් පලමු තිසීස තුල සඳහන් අදහස සරලව තේරුම් ගැනීමටය. පැරනි භෞතිකවාදය සැබෑ ජීවන කි‍්‍රයාකාරිත්වය වෙනුවට සංකල්ප ගත කල ජීවිතයක් යෝජනා කරන අතර නමුත් සැබෑ ජීවිතය (ව්‍යවහාරය තුල)මෙම සංකල්පකරණයන්ට පටහැනිව කි‍්‍රයාත්මකවේ. කි‍්‍රස්තියානිය ඇසුරේ යලි පැවසිය. හැක්කේ බයිබලයේ සඳහන් මනුෂ්‍ය ජිවිතය (සංකල්පිත ජීවිතය) සෑබෑ ජිවිතයේදී උල්ලංඝනය වන බවයි. කි‍්‍රස්තියානිය එයට විසඳුම් දි ඇත්තේ පව් සමාකිරිම හරහාය. සහජඥානය විඥානය ලෙස හා වස්තුව භාහිර ලෝකය ලෙස බෙදා විඥානවාදය විඥානය උත්කර්ශයට නගන අතර ද්‍රව්‍යවාදය වස්තූන් (ද්‍රව්‍ය) උත්කර්ශයට නගයි. මාක්ස්මය භෞතිකවාදයට අනුව මෙම ද්‍රව්‍යවාදයද විඥානවාදයකි. මේ දෙකටම පටහැනි ලෙස මාක්ස් පලමු ෆොයර්බාක් තිසීස තුල මෙම ද්විකරණය වෙනුවට දයලෙක්තිකය යෝජනා කරයි. එනම් ආත්මකරණය වූ එනම් විඥානකරණය වූ වස්තුමය ලෝකය යන්නය.